ලොව විශාලතම මැතිවරණය පැවැත්වෙයි

0
ලොව විශාලතම මැතිවරණය

එක් දිනක් තුළ පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය ඊයේ (පෙබ. 14) පැවැත්විණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දුනීසියාවේ දූපත් 17,000ක් පුරා මිලියන 200කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් තම ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණු බව ය.

මෙම මැතිවරණය මගින් එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් තෝරා ගැනීමට නියමිත ය.

මත විමසුම් අනුව මැතිවරණය ජයග්‍රහණ කරනු ඇති බවට වැඩි ඉඩකඩක් ඇත්තේ, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝට බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

මෙවර ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 50%කට අධික ප්‍රතිශතයක් වයස අවුරුදු 40ට වඩා අඩු පුද්ගලයින් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.