දකුණු අප්‍රිකානු පිල හමුවේ පරාජයෙන් පසු. ශ්‍රී ලංකා යොවුන් පිලට ලෝක කුසලාන බලාපොරොත්තු අත්හැරේ

0
දකුණු අප්‍රිකානු පිල හමුවේ

වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති ‘සුපිරි හය’ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119 ක පහසු ජයක් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 23.2 කදී ලකුණු 113 කට සීමාවිය.

ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්විය.

දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 232

(ලුයන් ඩි්‍ර පෙටොරියුස් 71, රිලී නෝර්ටන් නොදැවී 41, විශ්ව ළහිරු 44/2, මල්ෂ තරුපති 46/2, සුපුන් වඩුගේ 28/2)

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 113

(දිනුර කළුපහන 19, හිරුන් කපුරුබණ්ඩාර 16, ශරුජාන් ශන්මුගනාදන් 29, මල්ෂ තරුපති 21, කවෙන මාපක 21/6, රිලී නෝර්ටන් 28/4)