තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක්

0
යුදමය තත්ත්වයක්

ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි  ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බිය පළ කරයි. එසේ වුවහොත්, තායිවානය මුල්කොට ගනිමින් යුදමය තත්ත්වයක් විර්මාණය විය හැකි යැයි ද පැවැසෙයි.

1949 වසරේ මාඕසේතුං මහජන චීන රජය පිහිටුවද්දී චීන මව් භුමියේ සිටි  දක්ෂිණාංශික රජයේ නායකයන් පලා ගියේ තායිවානයටය. අද වෙනම පාලනයක් පැවැතියත්, තායිවාන දූපත් රාජ්‍යය තමන්ට අයත් කොටසක් යැයි චීනය විශ්වාස කරයි. තායිවානය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මේ නිසාය.