ෆොන්සේකාගේ දැඩි ප්‍රහාර හමුවේ පසුබැස්ස දයා රත්නායක දිලිත් සරණ යයි ?

0
දයා රත්නායක

පසුගියදා සමගිජන බලවේගයට එක්වූ හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක, ‘මව්බිම ජනතා පක්ෂයේ (MJP) බොරැල්ල පක්ෂ මුලස්ථානයට

ගොස් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

එම හමුව සම්බන්ධයෙන් වූ ජයාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසමින් සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) දහවල් මාධ්‍ය හමුවක් කැඳවා දයා රත්නායක සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදුකළේය.

දයා රත්නායක හා දිලිත් ජයවීර අතර හමුව සිදුව ඇත්තේ ඉන් අනතුරුව බවද පැවසේ.

සිදුව ඇතැයි පැවසෙන එම හමුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීමට MJP නායක දිලිත් ජයවීර දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

දයා රත්නායක