දයා රත්නායක ගත්තාට ෆොන්සේකාගේ දැඩි විරෝධය

0
දයා රත්නායක

හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව  සමගි ජනබලවේගයේ  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී  පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට තමන් දැඩි විරෝධය පළ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.

රණවිරුවෙක් යැයි කියා දයා රත්නායක පක්ෂයට එක්වූයේ නම්  රණවිරුවෙක් කියා ගෝඨාබය රාජපක්ෂටත් ආර්ථික විශ්ලේෂකයකු යැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල්ටත් පක්ෂයට එක්වීමට හැකියාව ඇති බවත්  එවැනි දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.