යුක්තිය මෙහෙයුමට එරෙහිව හිරුණිකා පෙරට එයි

0
යුක්තිය මෙහෙයුම

මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සිදු කරමින් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම හරහා විශාල අයුක්තියක් සිදුවෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මය පවසයි.

එම මෙහෙයුමේ ප්‍රධානීන් දෙදෙනා වන අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාම චෝදනා එල්ල වන අය බවද ඇය සඳහන් කළාය.

යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගන්නෙ කුඩු භාවිතයට ඇබ්බැහි වුවන් බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම නොව සිදු කළ යුත්තේ ප්‍රතිකාර ලබා දී බවද ඇය කියා සිටියාය.

සැබෑ කුඩු ජාවාරම්කරුවන් සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිගේ සාක්කුවේ බවත් ඇය තවදුරටත් පැවසුවාය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කරන ලදී.