සනත් නිශාන්ත මහතාගේ අවමඟුලට ගිහින් බීලා ගෙදර යද්දි පොහොට්ටු සංවිධායකයෙක් අනතුරක

0
අවමඟුලට ගිහින් බීලා

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අවමඟුලට සහභාගිවී නැවත පැමිණෙමින් සිටි පොදුජන පෙරමුණේ සංවිධායක කමල් පෙරේරා මහතා ඊයේ (28) අනතුරකට ලක්ව තිබෙන බවට වාර්තා වනවා.

කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේදී පෙරේරා මහතා ගමන් ගත් කැබ් රථය කුරුණෑගල සිට වාරියපොළ දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී කමල් පෙරේරා මහතාගේ රියදුරු බීමත්ව සිටි බවට වාර්තා වනවා.

අනතුරෙන් රථ දෙකටම සුළු හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.