ගෝඨාබයගේ ප්‍රභල හිතවාදියෙක් වන ජනරාල් දයා රත්නායක සජබයට

0
ජනරාල් දයා රත්නායක

ජනරාල් දයා රත්නායක මහතා කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා දශක 3ක රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් අතර යුදහමුදාපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර මහතාද එක්ව සිටියහ.

ජනරාල් දයා රත්නායක