ජවිපෙ කොමිස් හිලක් කී උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට

0
උමාඔය ජලවිදුලි

උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට එකතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

මෙගාවොට් 120 ක සමස්ත විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ මෙගාවොට් 60 සාර්ථකව සාර්ථකව පද්ධතියට එකතු කළ බව ද අමාත්‍යවරයා කීය.

දේශපාලන ව්‍යාපාර සංවිධානය කළ විරෝධතා, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ආදි හේතූන් නිසා මෙම ව්‍යාපෘතිය අවසන්කිරීම ප්‍රමාද වූ බවත් ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ මෙගාවොට් 60 පෙබරවාරි මස මැද භාගයේදී ජාතික පද්ධතියට එක්කිරීමට ව්‍යාපෘති නිලධාරීන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

උමාඔය ජලවිදුලි උමාඔය ජලවිදුලි උමාඔය ජලවිදුලි