ක්‍රිකට් තහනම ඉවත් වන දිනය

0
ක්‍රිකට් තහනම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් ශ්‍රී ලංකාවට පනවන ලද ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇති බව  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වත්තල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවත්වූ සාකච්ඡා ඵලදායී අයුරින් අවසන් වීමත් සමඟ හරීන් ප්‍රනාන්දු මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තහනමක් පනවනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙත පනවන ලද මෙම ක්‍රිකට් තහනම හේතුවෙන් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය මෙන්ම වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාවට අහිමි වුණා.