ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක් , ජනපතිවරණයට රනිල්ට සහය දෙන පොහොට්ටු මන්ත්‍රී පළමු රැළියට ජන ගඟක්

0
ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්

” ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක් ” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී අද පැවැත්වින.

නව සන්ධාන මංගල ජන රැළියට නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක නලින් ප්‍රනාන්දු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, මීගමුව හිටපු නගරාධිපති දයාන් ලාන්සා, සුගීෂ්වර බණ්ඩාර, අසංක ශ්‍රීනාත් යන මහත්වරුන් ඇතුළුව පළාත් සභාල පළාත් පාලන නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු ආධාරකරුවන්ද මෙම අවස්ථාවට එක්වූහ.

ජා ඇල ආසනයේ පොදුජන පෙරමුඛණ පලාත් පාලන ආයතන මන්ත්‍රිවරුන් 16 දෙනෙකු සහ නව සන්ධානයට සහාය දෙන වෘත්තීය සමිති 7ක් එක්විය.

2015 වසරේ ඇරඹි මහින්ද සුළඟ ජනරැළි වේදිකාවේ ප‍්‍රධාන නිවේදක ලෙස කටයුතු කරන ලද නිවේදකයා මෙම රැළියේද ප්‍රධාන නිවේදක ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්