මනු කියවන්නෙකු නිරුවත් කර පහරදී මුදල් පැහැරගනී

0
මනු කියවන්නෙකු

ලංකා විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නෙකු නිරුවත් කර පහරදී ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ලකා තිබේ.

ඊට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය සඳහන් කරයි.

මනු කියවන්නා වූ සැලසුම් සහගතව නිවසකට ගෙන්වාගෙන මෙසේ නිරුවත් කර පහරදී මුදල් කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් වයස අවුරුදු 14-20 අතර පසුවන අයයි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.