යුද සිරකරුවන් 65 නව දෙනකුගෙන් යුත් රුසියානු කාර්ය මණ්ඩලය ගුවන් අනතුරින් මිය

0
යුද සිරකරුවන් 65

යුක්‍රේන  යුද සිරකරුවන් 65 රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

එම සිරකරුවන් රැගෙන ගිය ගුවන් යානයේ සිටි නව දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සහ සිරකරුවන් සියලු දෙනා අනතුරින් මිය ගිය බව රුසියානු බලධාරීහු පැවසූහ.

යුක්රේනය සමග යුද සිරකරුවන් හුවමාරු කිරීම සඳහා මෙම සිරකරුවන් රැගෙන යමින් සිටි බවත් ගුවන් යානය පියාසර කරන මාර්ගය යුක්‍ රේනය දැන සිටි බවත්

ඇතැම් රුසියානු බලධාරීහු චෝදනා කළහ.

යුක්රේන දේශසීමාවට ආසන්න වන විට ගුවන් යානා නාශක මිසයිල පද්ධතියකින් හෝ පේට්‍රියට් මිසයිල පද්ධතියකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මෙම ගුවන් යානය යුක්රේනය බිම හෙලූ බව ඇතැම් රුසියානු දේශපාලනඥයන් චෝදනා කළේය.නමුත් එම චෝදනාවලට කිසිම සාක්ෂියක් සපයා නොමැත.

ගුවන් යානය කඩාවැටෙන අවස්ථාවේ තවත් යුක්රේන යුද සිරකරුවන් අසූවක් රැගත් ගුවන් යානයක් ඒ අසලින් පියාසර කරමින් සිටි බවත් එම ගුවන් යානය ගමන් ගන්නා මාර්ගය මෙම සිදුවීම හේතුවෙන් වෙනස් කළ බවත් රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙම අනතුරට හේතු වූ සැබෑ කරුණු සොයා බැලීම සඳහා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

යුක්රේනය මෙම සිදුවීම පිළිබඳ පවසා ඇත්තේ එම ගුවන් යානය මිසයිල ආරක්ෂණ පද්ධතිය සඳහා මිසයිල ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවයි.ඉදිරියේදී මේ පිළිබඳ සැබෑ තතු හෙළිවනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.