මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 46කින් සම්මත වෙයි.

0
පනත් කෙටුම්පත

එහි දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි විය.

__________________________________________

ඔන්ලයින් පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවය.

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.

ආසියානු අන්තර්ජාල සන්ධානය හියුමන් රයිට්ස් වොච් ආයතනය නිවේදන නිකුත් කරයි

පනත් කෙටුම්පත

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් Apple,Google,Meta,Amazon සහ Yahoo වැනි තාක්ෂණික සමාගම් ඇතුළත් ආසියානු අන්තර්ජාල සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම පනත් කෙටුම්පත වත්මන් ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට මෙන්ම ඍජු විදේශීය ආයෝජන සඳහා අහිතකර අන්දමින් බලපානු ඇති බවය.

එමෙන්ම හියුමන් රයිට්ස් වොච් ආයතනයද නිවේදනයක් නිකුත් කර තිබුණි.

යෝජිත කෙටුම්පත මේ වසරේ ජනාධිපතිවරණයකට සහ පාර්ලිමේන්තු මැතිවරණයකට සුදානම් වන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරන බව අදාළ නිවේදනයේ සඳහන් ය.