මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට

0
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය

සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත (online safety bill) පාර්ලිමේන්තුවේදී අද (23) සහ හෙට (24) විවාදයට ගැනීමට නියමිතය.

මේ අනුව පනත් කෙටුම්පත සම්මත කිරීම හෙට 24 පස්වරුවේ සිදුකෙරේ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බොහෝ දුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සලකා බැලෙන අවස්ථාවේදී  සංශෝධන ගණනාවක් ඊට  ඇතුළත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.

‘ඔන්ලයින්’ පනත් කෙටුම්පතට මාධ්‍යවේදීන්ගේ විරෝධය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පතට  විරෝධය පළ කරමින් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කළ යුතු යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.

වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහිම් මහත්වරුන්ගේ අත්සනින් යුතු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් සම්මත කරගැනීමේ අරමුණ ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජය ගැනීමේ ඉලක්ක  ක්‍රියාවට නැංවීම බවයි.