CCTV නිරීක්ෂණ හරහා දඩ නිකුත් කිරීමේ ක්‍රමය ඇරඹේ විකිනූ වාහන පවරා නොමැති අයටත් වැඩ වරදියි

0
CCTV නිරීක්ෂණ හරහා දඩ

CCTV නිරීක්ෂණ හරහා දඩ නිකුත් කිරීමේ ක්‍රමය තුළ අලෙවියෙන් පසු නිසි පරිදි වාහනවල අයිතිය නොපවරණ ලද පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ලක්ෂ 82ක් පමණ පවතින අතර ඉන් 12%ක් අලෙවියෙන් පසු නිසි පරිදි අයිතිය පවරා නැති බව ඔහු සඳහන් කළේය.

කොළඹ නගරයේ රථ වාහන වැරදි සඳහා CCTV නිරීක්ෂණ හරහා දඩ පත්‍රිකා ක්‍රමවේදය අද (ජනවාරි 22) හඳුන්වා දීම නිමිත්තෙන් පැවති වැඩසටහනක දී ඔහු මේ බව පැවසුවේ ය.

මේ අතර රථ වාහන වැරදි වලට අදාල ස්ථානීය දඩ ඔන්ලයින් ඔස්සේ ගෙවන ක්‍රමවේදය හඳුන්වා දීම ගැන වැඩබලන පොලිස්පතිවරයා අදහස් පළ කළේය.

CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට 2018 වසරේ දී ද ශ්‍රී ලංකා පොලීසිය උත්සාහ කරන ලදී.