බෙලිඅත්ත වෙඩිතැබීමකින් පක්ෂ නායකයෙක් ඇතුලු 5 ක් ජීවිතක්ෂයට

0
වෙඩිතැබීමකින් පුද්ගලයින්
පොලීසිය පවසන්නේ, තංගල්ල, බෙලිඅත්ත ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ.
සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට

බෙලිඅත්ත වෙඩිතැබීම

ඥානසාර හිමියන් සාමාජිකත්වය දැරූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වෙඩි වැදීමට ලක් වූ අදාළ වාහනයේ ගමන් කර ඇත.