සිංහල සිනමාවට වසර 77 ක් සපිරේ.

0
සිංහල සිනමාවට

මෙරට ප්‍රථම කතානාද සිංහල සිනමා සිත්තම වූ ‘කඩවුණු පොරොන්දුව’ මංගල දැක්ම 1947 ජනවාරි මස 21 දා කොළඹ කොටහේන කිංස්ලි සිනමා ශාලාවේදී සිදු කෙරිණි.

ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එවක අගමැති, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා සහ එම මහත්මිය ද සහභාගි වූහ.

ප්‍රථම චිත්‍රපට ලෙස එදා ‘රාජකීය වික්‍රමය’ සහ ‘කඩවුණු පොරොන්දුව’ නිපදවී ඇතත්, ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපට පිටපත ඉන්දියාවේ සිට නැවකින් මෙරටට රැගෙන එමින් තිබියදී ගිනිබත්ව විනාශ වී ගියේය.

එම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය නිරූපණය කළේ මෙරට කෘතහස්ත දේශපාලකයකු වූ ඇන්. ඇම්. පෙරේරා මහතාය.

මුලින්ම මෙරට තිරගත වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණි දේවි, එඩී ජයමාන්න සහ මර්බල් බ්‍රිලයින් ආදී රංගන ශිල්පීහු රංගනයෙන් දායක වූහ.

සුජීව තත්සර