ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් ඇමෙරිකානු තානාපති ජුලී චන්ග්

0
ඇමෙරිකානු තානාපති ජුලී චන්ග්

වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ප්‍රකාශ කළාය.

ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය පැවැසුවාය.ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය ප්‍රකාශ කළාය.

ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් චන්ග් මහත්මිය පැවැසුවාය.තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබා දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය ප්‍රකාශ කළාය.