Youtube Reach වැඩිකරගන්න යැයි කියමින් බුදු දහමට නිගාකල විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්. සාසනයෙන් නෙරපීමටත් පියවර.

0
විශ්ව බුද්ධ

සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.

රත්නපුරේ විමලබුද්ධි හිමි සාමණේරභාවයෙන් නෙරපීමට පියවර

විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී තිබේ.

පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වනු ඇත.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි හිමි  රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කර ඇති බවය.