නීතිඥවරියක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දෙන්න ගිහින් මාට්ටු (Audio )

0
පොලිස් අධිකාරිවරයෙකුට

එහිදී ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවට සඳහන් කරන කාන්තාවක් නිලධාරින් සිටින ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට එම නිලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධියට සම්බන්ධ නීතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, නීතිඥවරියගේ උත්සාහය ව්‍යර්ථවූ පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමටද උත්සාහ කර ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවටත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

නීතිඥවරිය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කරන දුරථකන ඇමතුමක හඬ පටයක්ද අද දෙරණ ට ලැබුණි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටී.

Ada Derana