කොන්දේසි විරහිතව රනිල්ට සහාය දීමට රාජිත සේනාරත්න සූදානමින්

0
රාජිත සේනාරත්න

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කෙනෙකුට කොන්දේසි විරහිතව සහාය දීමට තමන් සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

රට විනාශ වූයේ විධායක ජනාධිපති ක්‍රමය හේතුවෙන් බවද පවසන ඔහු ජනාධිපතිකම අහෝසි කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවහොත් තමන් අත්දෙකම ඔසවා ඔහුට සහය දෙන බවද කියා සිටියේය.

ජනාධිපතිකම වෙනස් කර තව අවුරුද්දක් දෙකක් ඔහු ධුරයේ සිටියද ප්‍රශ්නයක් නැති බවද හෙතෙම සඳහන් කළේ කළුතර ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.