මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ ලිපිය තුට්ටු දෙකකට මායිම් නොකරන බව ටිරාන් අලස් කියයි.

0
මානව හිමිකම් කවුන්සිලය

යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ ලිපිය තුට්ටු දෙකකට මායිම් නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  පැවසුවේය.

” UN එකේ ඉහළ පෙළේ මහත්තයෙකුට මම ඊයේ පෙරේදා ආවහම එයාගේ මූණටම කිව්වා කරුණාකරලා ඔය හියුමන් රයිට්ස් එකේ අයට කියන්න මෙහෙම ස්ටේට්මන්ට් දෙන්නේ නැතුව අපෙන් ඉස්සෙල්ල අහන්න. අපෙන් ඉස්සෙල්ලා දැනගන්න අපි කරන්නේ මොකද්ද?. ඊට පස්සේ වැරදි යමක් කරනවනම් මොනවාහරි කිව්වට කමක් නෑ.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මාසය තුළ රටේ සමස්ත අපරාධවලින් 17% ක් අඩුවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

කොළඹ නගරයට ඇතුළුවන රියදුරන් කරන වැරදි CCTV ඔස්සේ නිරීක්‍ෂණය කර දඩකොළ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ජනවාරි 22වෙනිදා සිට ආරම්භ කරන බවත්, තමන් ලංකාවේ කුමන පලාතක සිටිය ද අදාළ පොලිස් ස්ථානය හරහා වරදට අදාළ චෝදනා යොමු කෙරෙන බවත් මෙම මාධ්‍ය හමුවට එකතුවූ වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් කියා සිටියේය.

BBC News

මේ අතර නාරම්මල ප්‍රදේශයේ පොලීසිය විසින් කල වෙඩි තැබීමකින් මිය ගිය බවට සැලකෙන තරුණයෙක් සම්බන්ධව එම වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ ප්‍රදේශවාසියෙක් විසින් ජංගම දුරකතනයකින් පටිගත කල දර්ශන සමාජ මාධ්‍ය හරහා සංසරනය වනවා. එම දර්ශන පහතින්

https://www.youtube.com/watch?v=AMNNySglPOE

කුරුණෑගල නාරම්මල පොලිසිය අසල උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

ඒ අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය පත් වී ලොරියේ රියැදුරු මිය යාමෙන් ප්‍රදේශවාසීන් විරෝධය පළකිරීම හේතුවෙනි.

පොලිසිය සඳහන් කරන්නේ ලොරි රථය අන නොතකා ධාවනය කළ අවස්ථාවේ දී පසුපස පැන්නු විට ලොරි රථයේ රියැදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇති බවය.

සිදුවීමෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පොලිසිය වටකර එහි දේපළට ද හානිකර තිබේ.

තත්ත්වය පාලනය කිරීමට අතිරේක පොලිස් කණ්ඩායම් සමග පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට කටයුතු කර ඇත.