කිඹුලෙකුට ගොදුරු වූ දරුවාගේ සිරුර සොයාගැනේ

0
කිඹුලෙකුට ගොදුරු වූ

කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරු වූ දරුවාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසිය පැවසුවේ දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් ආරම්භ කළ මෙහෙයුමේදී අද (17) පස්වරුවේ එම දරුවාගේ සිරුර සොයාගත් බවයි.

දරුවා කිඹුලාට ගොදුරු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ගඟ පහළින් මෙම දරුවාගේ සිරුර සොයාගත් බව පොලිසියි පැවසීය.

සොයාගත් සිරුර කොළඹ අධිකරණ වෛද්‍යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර හෙට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි.