කාවින්ද ජයවර්ධන මහතාට සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධය

0
කාවින්ද ජයවර්ධන

සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට විරොධතාවයේ නියැලී සිටි පිරිසක් විරෝධය පළ කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය අසළට පැමිණි පාර්ලිමේන්තුවේ කාවිංග ජයවර්ධන මහතාට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔවුන්ගේ ගැටලුවට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී විරෝධතාකරුවන් පවසා තිබුණා.

එම විරෝධතාවයෙන් පසුව කාවිංග ජයවර්ධන මහතා කුරුඳුවත්ත පොලිසිය තුළට ගොස්  ඇති බවයි වාර්තා වෙන්නේ.