සාකච්ඡාව අසාර්ථකයි සෞඛ්‍ය අංශ දැඩි තීන්දුවක් ගනී

0
සෞඛ්‍ය අංශ දැඩි තීන්දුවක්

රජය සමග ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු සිටින මෙන් රජය කල් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව අද පෙරවරු 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වර්ජනය අද (17) පෙරවරු 6.30 ට තාවකාලිකව අත්හිටුවුවද, දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ මහ සමුළුවක් හෙට 18 කැඳවන බව රවී කුමුදේශ් පැවසීය.