ඇඳුම් සොරකම් කල නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස් වෙයි

0
නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්

වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඉල්ලා අස්වූයේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන ගොල්රීස් ගහ්රමාන්.

සරණාගතයකු ලෙස නවසීලන්තයට පැමිණ, එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු පළමු මන්ත්‍රීවරිය වන්නේද ගොල්රීස්.

43 හැවිරිදි ඇය මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම ලේඛිකාවක ද වන අතර, ඇය එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියක ලෙස ද කටයුතු කර තිබෙනවා.

ගොල්රීස් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඕක්ලන්ඞ් නුවර සුඛෝපබෝගී වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූ අවස්ථාවේදී.

චෝදනා එල්ල වෙද්දී තමන් ඇඳුම් සොරකම් කළ බව, ගොල්රීස් පිළිගත් අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පැහැදිලි කළේ, තමන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත්, වරදක් බව දැන දැනත් තමන් එසේ කළේ එම ආතති තත්ත්වය මඟ හරවා ගැනීමට බවයි.