ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය

0
චීනයේ දැඩි විරෝධය

චීනයේ තායිවාන මැතිවරණය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ප්‍රකාශය චීනය දැඩිව හෙළාදකී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එම ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළේය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ එම ප්‍රකාශය, ‘එකම චීනය’ යන මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ ත්‍රිත්වය බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි හෙතෙම කියාසිටියේය. තායිවානය සමග සංස්කෘතික, වෙළඳ සහ සෙසු නිල නොවන සබඳතා පමණක් පවත්වා ගැනීමට ලබා දුන් ප්‍රතිඥා ඇමරිකාව මෙහිදී දැඩි ලෙස කඩ කර ඇති බවත්, මේ පිළිබඳව චීනය තරයේ විරෝධය පළ කරන බවත් ඔහු පැවසීය.

‘එකම චීනය’ මූලධර්මයට සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ නිල ප්‍රකාශ ත්‍රිත්වයට අනුව ක්‍රියාකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන් ම ‘තායිවාන ස්වාධීනත්වයට’ සහාය නොදීම හා තායිවාන ප්‍රශ්නය මුවාවෙන් චීනයට බාධා නොකිරීම සම්බන්ධයෙන් ඇමරිකානු නායකයන් බොහෝ අවස්ථාවල දී දුන් ප්‍රතිඥා ඉටුකරන ලෙස ද චීනය ඉල්ලීමක් කරයි.