උසස් පෙළ විභාගයේ තවත් ප්‍රශ්ණ පත්‍රයක් පිටවේ

0
උසස් පෙළ විභාගයේ

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයද පිටවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයකින් අනතුරුව අනාවරණය වී තිබෙනවා.

කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන බෙදාහැර ඇති බව අදාළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණා.