සජබෙන් ඉදිරි කාලය තුල රටේ උද්ඝෝෂණ මාලාවක්

0
රටේ උද්ඝෝෂණ මාලාවක්

දේශපාලන රැස්වීම් වෙනුවට ඉදිරි කාලය තුල රටේ උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට සමගි ජන බල වේගය තීරණය කර තිබෙනවා.

ඒ තුලින් ජනතා ආකර්ෂණය වඩා ලෙහෙසියෙන් දිනා ගත හැකි බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

පසුහියදා පැවති සජබ විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී බහුතරය පවසා ඇත්තේ රැස්වීම් පැවැත්වීමට ජනතාව එකතු කර ගැනීමේ විශාල ගැටලුවක් පවතින බවයි.

එම තත්වය මත රැස්වීම් පවත්වා අපහසුතාවයන්ට පත්වනවාට වඩා උද්ඝෝෂණ මාලාවක් පවත්වා ජනතාව අතරට යෑම වඩා ප්‍රතිඵලදායක බවද ඔවුන්ගේ මතය වී ඇති බවද වාර්තා වෙනවා.

Asian Mirror