ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට මැදිහත් නොවිය යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්

0
චීන තායිවාන ප්‍රදේශයේ

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට කිසිදු බාහිර මැදිහත්වීමක් සිදු නොවිය යුතු බව, චීන විදේශ අමාත්‍යංශය පවසනවා. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, චීන-ඇමරිකා සබඳතා සහ තායිවාන සමුද්‍ර සන්ධි‍යේ සාමය සහ ස්ථාවරත්වයට බරපතල හානියක් සිදුවීම වැළැක්වීම සඳහා, ඇමරිකාව කිසිදු ආකාරයකින් චීන තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට මැදිහත් නොවිය යුතු බවයි.

ඇතැම් ඇමරිකා නිලධාරීන් මෑතකදී පෙන්වා දුන්නේ, තායිවාන මැතිවරණයෙන් පසු ධවල මන්දිරය විසින් තායිවානයේ සංචාරය කිරීම සඳහා නිල නොවන දූත පිරිසක් පිටත් කරන බවයි.
මේ පිළිබඳ Mao Ning මහත්මිය අවධාරණය කළේ, ලෝකයේ එකම චීනයක් පමණක් ඇති අතර, තායිවානය අනිවාර්යෙන් ම චීනයේ වෙන් කළ නොහැකි කොටසක් බවයි. ඇමරිකාව සහ තායිවානය අතර ඕනෑම ආකාරයයේ නිල හුවමාරුවකට චීනය සැමවිටම දැඩි ලෙස විරුද්ධය. ඇමරිකාව තායිවානය සමඟ කවරාකාරයේ හෝ නිල හුවමාරු නතර කළ යුතු බවත්, තායිවාන මැතිවරණවලට කිසිදු ආකාරයකින් මැදිහත් නොවිය යුතු බවත්, ඇය එහිදී කියා සිටියා ය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, තායිවානයේ මැතිවරණ යනු චීනයේ දේශීය කටයුත්තකි. ඊ‍ට කිසිදු බාහිර මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. ඇමරිකානු පාර්ශ්වය තායිවානයේ මැතිවරණ සම්බන්ධයෙන් වගකීම් විරහිත ප්‍රකාශ විවෘතව සිදු කරයි. මේ සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය සහ දැඩි විරෝධය පළ කරන බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.