නයන වාසලතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ

0
නයන වාසලතිලක
නයන වාසලතිලක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ජනවාරි 09 දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.

චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් එදිනම (09) පස්වරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබිණ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත්විය.

1) වඩිවේලු සුරේෂ් – මනාප 49,762
2) ඒ. අරවින්දකුමාර් – මනාප 45,491
3) චමින්ද විජේසිරි – මනාප 36,291

ඔවුන් තිදෙනාට පසු වැඩිම මනාප හිමිව තිබුනේ නයන වාසලතිලක ටයි. ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 31,307කි.

නයන වාසලතිලක යනු ජලනි ප්‍රේමදාස මැතිනියගේ සොහොයුරෙක් බවටද චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වූයේ ලක්ෂ 900ක මුදලක් අල්ලස් ලබාගෙන බවටද පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් පලවිය.

අදාල ගැසට් නිවේදනය පහතින්.

නයන වාසලතිලක

නයන වාසලතිලක