ඒප්‍රනයකට සමාන ඇඳුමකින් සැරසී පැමිණීම නිසා ශාන්ව පාර්ලිමේන්තුවෙන් පන්නයි.

0
ඒප්‍රනයකට සමාන ඇඳුමකින්

ඇඳුම සම්බන්ධයෙන් පවතින ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් වෙත පවසා ඇත්තේ ශාන් විජයලාල් මන්ත්‍රීවරයා සූපවේදීන් අඳින ඒප්‍රනයකට සමාන ඇඳුමකින් සැරසී පැමිණීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ඉඩ ලබා නොදුන් බවයි.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට 09 කළු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර තමාට කළු කමිසයක් සහ කලිසමක් නොමැති නිසා ඔහු එලෙස පාර්ලිමේන්තුවට පැමිණි බව එහිදී ශාන් විජයලාල් මහතා එහිදී පවසා තිබෙනවා.