නව ආයෝජන කලාප ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

0
නව ආයෝජන කලාප

නව ආයෝජන කලාප ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අපනයන ඉලක්ක කර ගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව 2022 වර්ෂයේ අයවැය කතාවේදී අවධාරණය කෙරුණා.

ඒ අනුව, පහත සඳහන් පරිදි නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමේ යෝග්‍යතාව රජය හඳුනාගෙන ඇත.

උතුරු, නැගෙනහිර, වයඹ හා දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපනය කිරීම.

මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපනය කිරීම.

ඉරණවිල හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපනය කිරීම.

බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරට ත් පුළුල් කිරීම.

ඒ අනුව, මෙම යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

ඒ සඳහා, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.