අවලෝකිතේෂ්වර බෝධිසත්වයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පොලීසියට පැමිණිල්ලක්

0
අවලෝකිතේෂ්වර බෝධිසත්ව
අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් බුදු සසුනට හානි වන ලෙස හැසිරෙන පුද්ගලයෙක් ගැන අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පුද්ගලයා මහින්ද කොඩිතුවක්කු නම් අයෙක් වන අතර 2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වනවා.
ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්ය මානසික ප්රථිකාර සදහා මානසික රෝහලටකට යොමු කරන ලෙසත් ඉල්ලා අදාල පැමිණිල්ල ඉදිපත් කර තිබෙනවා.