225 දෙනාටම සාප කරනවාට බයෙන් තවකෙකුට අවස්ථාව දී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

0
225 දෙනාටම සාප

මේ වන විට රටේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම සාප කරමින් සිටින නිසා තම දරුවන්ටද එම සාපය වදිනු ඇතැයි බියෙන් සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් උනා.

වර්තමාන පාර්ලිමේන්තුව ගැනත් එහි මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැනත් තමන් කලකිරීමට පත්ව සිටින බව සඳහන් කල මන්ත්‍රීවරයා තමන්ගේ ඉල්ලා අස්වීම සජබය ගැන හෝ එහි නායක සජිත් ප්‍රේමදාස ගැන කලකිරීමක් හෝ ප්‍රශ්නයක් නොවන බවද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කරා.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් එම පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා බදුල්ල දිස්ත්‍රික් සමගි ජනබලවේග මනාම ලයිස්තුවේ මීලඟට වැඩිම මනාප හිමිකරගෙන සිටින නයන වාසලතිලක පත්වනු ඇති.