මහජන ආරක්ෂණ බද්ද දෙගුණයක් ගෙවන්න වෙයි

0
මහජන ආරක්ෂණ බද්ද

ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5%ක් හෙවත් දෙගුණයක් ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකෝ සමාගම) අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයන් චෝදනා කරයි.

මාසයක විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද ලෙස අය කළ හැක්කේ සියයට 2.5%ක් වුවද ලෙකෝ සමාගම එය සියයට 5%ක් අය කරගෙන ඇති බවත් එලෙස කිසිදු දැනුම්දීමකින් තොරව එම බද්ද අයකිරීම නීති විරෝධී කටයුත්තක් බවද පාරිභෝගිකයන් චෝදනා කරයි.

පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත යොමු කිරීමෙන් පසුව රාත්‍රීයේදී පසුගිය 2023 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සමාජ ආරක්ෂණ බද්ද ඉදිරි බිල්පත් වලින් අය කරගන්නා බවද දුරකථන කෙටි පඩිවිඩයක් ඔස්සේ දැනුම් දී ඇත.

” හිතවත් පාරිභෝගිකයනි, 2023 සැප්තැම්බර් මස හඳුන්වා දුන් මහජන ආරක්ෂණ දායකත්වය බද්ද, මසකට පසුව ඔබේ බිල්පත්වලින් අය කිරීම ආරම්භ විය. ඒ අනුව, ලෙකෝ 2023 නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක සඳහා මහජන ආරක්ෂණ බද්ද ඔබේ නවතම බිල්පතට ඇතුළත් කරනු ඇත. පැහැදිලි කිරීම් සඳහා කරුණාකර 1910 අමතන්න.”

Asian Mirror