පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැරදැමේ

0
එක්දින ක්‍රිකට් තරගය

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 273ක් රැස් කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත් අතර සදීර සමරවික්‍රම ලකුණු 41ක් ලබා ගත්තේය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 101ක් රැස් කළේය.

එහිදී සිය ලකුණු 274 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 04කදී කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා සිටියදී වර්ෂාවෙන් බධා එල්ලවුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩුලු දෙක දවා ගත්තේ  ඩිල්ෂාන් මධුෂංක වන අතර ඔහු යැවූ පන්දු ඕවර් දෙකේදීම කිසිදු ලකුණු ලබාගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන්ට අවස්ථාවක් නොලැබුණි