මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම්

0
මෝටර් රථ ආනයනය

මෙරට වෙළෙඳපොළ සදහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CCට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට නියමිතව ඇත.

මෙලෙස එන්ජින් ධාරිතාවට අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවර පවත්වාගෙන යාමට බව එම සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම මෙලෙස නැවතත් මෝටර් රථ ආනයනය කිරීම ආදායම් බදු ඉහළ නන්වා ගැනීමේ එක් අරමුණක් බව පැවසූ එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මෝටර් රථ ආනයනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට නියමිතව ඇති බවයි.