බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම පහසු කෙරේ

0
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

“ඕනේම වෙලාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒකට යොමු කිරීම තුළින් TIN අංකයක් ගන්න පුළුවන්. වඩාත් පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේක ලබාදෙන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. අපි සඳුදා මේ ගැන සාකච්ඡා කරලා, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම බදු ගෙවීමේ බරක් පැටවෙන්නේ නෑ. බොහෝ අය බයයි නේ. මාසයක ආදායම රු ලක්ෂයකට වැඩි අයට විතරයි බද්දක් ගෙවන්න වෙන්නේ.”

කෙසේ වෙතත් පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පවසන්නේ, බදු ගෙවීම් පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින් සුරකමින් අසාධාරණ ලෙස රජය බදු අය කරගන්නා බවය.

මේ අතර, වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ම ජනවාරි මස පළමුවැනිදා සිට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම අනිවාර්ය කර ඇති පසුබිමක එම අංකය ලබාගැනීම සඳහා ජනතාව අද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත පැමිණෙනු අයුරු දැකගන්නට ලැබුණි.