
පවතින ආර්ථික ගැටලු විසඳීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග හැර වෙනත් ක්‍රියාදාමයක් පවතියි නම් ඒ සම්බන්ධයෙක් රජය දැනුම්වත් කරන ලෙස ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ, එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
“මේ තත්ත්වය කෙටි කාලීනයි. ජනතාවට ඉතා ඉක්මනින් සහන දීම රජයේ අරමුණයි. සිස්ටම් චේන්ජ් එකෙන් ජනතාව බලාපොරොත්තු වුණේ මේ ප්‍රශ්නවලට දිගුකාලීම විසඳුම්. මේකට මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් නැත. මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් තිබෙනවා නම් ඒ ගැන කියන්න. රජය ලැස්තියි හොඳ නම් ඒ මාර්ගයේ යන්න.”