දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳටත් තනතුරක්

0
දේශබන්දු තෙන්නකෝන්ගේ

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන පොලිස් පවුල් සුබ සාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුබ සාධක සංගමයේ කාර්යාලයේ දී ඇය වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරී නිලයෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පවත්වාගෙන යන මෙම සංගමයේ සභාපතිත්වය සංගමයේ ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයාගේ බිරිඳ වෙත හිමිව තිබෙනවා.

මේ වනවිට මෙම සංගමය විසින් පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් මසනු ලබන ඇඟලුම්හලක්, පොලිස් නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනු ලබනවා.

ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන්ගෙ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර ලබාදීම, විශ්වවිද්‍යාල ආධාර ලබාදීම, මිය යන නිලධාරීන් වෙනුවෙන් මරණාධාර ලබාදීම, නිවුන් දරුවන් සඳහා කිරිපිටි ආධාර ලබාදීම, නිවාස ආධාර ලබා දීම ඇතුලු සේවාවන් රැසක් මෙම සංගමය විසින් ඉටුකරගෙන යනු ලබන බවයි.