තඹුත්තේගම කොන්වැවදී ජනතාව එස් එම් චන්ද්‍රසේන ව හූ කියා එලවාගනිති (Video)

0
එස් එම් චන්ද්‍රසේන

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතාට ඔවුන්ගේ මැතිවරණ බලප්‍රදේශය වන කළාවැව ආසනයේ තඹුත්තේගම කොන්වැවදී ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

තඹුත්තේගම කොන්වැව ප්‍රදේශයේ ජල පෙරණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පැවැත් වුණ රැස්වීමකදී මෙම උණුසුම් තත්වය ඇති වී තිබෙනවා.

එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හා ඔහුගේ සොයුරු හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන්ද සහභාගී වී තිබෙනවා.

එහිදී උණුසුම් තත්වය ඇති වී මෙන් පසු උඹලා බය නැතිව කථා කරපල්ලා යනුවෙන් පුද්ගලයකු පවසන අතර, ඔහුට පහර දීම සඳහා එස්.එම් චන්ද්‍රසේන මහතා අත ඔසවන අයුරුද දැක ගත හැකිය.ඔහුගේ සොයුරු එස්.එම් රංජිත් සමරකෝන් මහතා විසින් ඔහු වලක්වන අයුරුද දැක ගත හැකිය. එම උත්සවයට සහභාගී වූ අයකුගේ ජංගම දුරකථනයේ සටහන්ව ඇත.

ඒ ගොල්ල සල්ලි වෙන් කළා කියනවා නම් ඒ ගොල්ලන්ගේ පෞද්ගලික සල්ලිද මේවාට වෙන් කරලා තියෙන්නේ, මේවා ඔබතුමන්ලාගේ පෞද්ගලික සල්ලි නෙමෙයි. යනුවෙන් පවසයි.

ඒ අවස්ථාවේදී එස්.එම් චන්ද්‍රසේන හා එස්.එම් රංජිත් සමරකොන් යන අය එම ස්ථානයෙන් පිටව ගිය අතර, ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් හූ සංග්‍රහයක්ද පවත්වා ඇත.