අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරී ආරම්භ කරයි

0
නව ලේකම්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ වසන්තා පෙරේරා මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය.

අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධූරයේ කටයුතු කර ඇති ඇය මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.