චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෙන් ලෝකවාසීන් වෙත සුබ පැතුම්

0
චීන ජනාධිපති

2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමමින් පණිවිඩයක් යොමු කර තිබෙනවා. ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කළ යුතු බවයි ඔහු සිය පණිවිඩයේ සදහන් කර තිබෙන්නේ.

චීනය සිය සංවර්ධනය පමණක් නොව ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. 2023 වසර ධෛර්වන්ත‍ව මෙන්ම නිර්මාණශීලීව අවසන් කිරීමට හැකිවිය. චීනයට මෙම වසරේ නවෝත්පාදන හා සංවර්ධන ජයග්‍රහණ වර්ධනය කර ගැනීමට ද හැකි වුණා. පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදිත අතුරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, ලිතියම් විදුලි කෝෂ, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදිත වඩාත් කැපී පෙනෙන බවද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සදහන් කර තිබෙනවා.
කාලය වෙනස් වුව ද, සාමකාමී සංවර්ධනය මෙන් ම සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණ හිමි කර ගැනීම යන වෙනස් නොවන සංකල්පයෙන් කටයුතු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයාගේ සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා