20-20 තරගාවලියකට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

0
20-20 තරගාවලියකට

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

20-20 තරගාවලියට එක්වන විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි ව ඇති බව වාර්තා වේ.

එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උපනායකයා චරිත් අසංලක බව වාර්තා වේ.

ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇත්තේ 2021 වසරෙන් පසුවයි.

භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර තිබේ.

 

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

වනිඳු හසරංග

චරිත් අසලංක

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

සධීර සමරවික්‍රම

දසුන් ශානක

ඇන්ජලෝ මැතිව්ස්

ධනංජය ද සිල්වා

මහීෂ් තීක්ෂණ

නුවන් තුෂාර

කුසල් ජනිත්

භානුක රාජපක්ෂ

කමිඳු මෙන්ඩිස්

මතීෂ පතිරණ

දුනිත් වෙල්ලාලගේ

අකිල ධනංජය

ජෙෆ්රි වැන්ඩර්සේ

චාමික කරුණාරත්න

බිනුර ප්‍රනාන්දු

ප්‍රමෝද් මධුෂාන්

ඩිල්ෂාන් මදුෂංඛ සහ

දුෂ්මන්ත චමීර