ධනුෂ්ක ගුණතිලක තහනමෙන් පසු සිය පළමු තරගය වෙනුවෙන් ලකුණු 10 ක් ගනියි.

0
ධනුෂ්ක ගුණතිලක

වසරක පමණ කාලයක් තරග තහනමකට ලක්වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය පළමු තරගය වෙනුවෙන් SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය.

නමුත් එහිදී ධනුෂ්කට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණි.

ධනුෂ්ක ගුණතිලක අවසන් වරට ක්‍රිකට් තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

SSC ක්‍රීඩා සමාජයේ විනය කමිටුව පැනවූ තරග තහනම ඉවත් කිරීමෙන් පසු ඔහු SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අද පළමුවරට ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබුණි.

SSC ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනු SSC ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලකය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී ලකුණු 10ක් රැස්කළ අතර ඊට හතරේ පහර දෙකක් ඇතුළත් විය.

තරගය නැරඹීම සඳහා ධනුෂ්ක ගුණතිලකගේ පවුලේ අය ද එක්වී සිටිනු දක්නට ලැබුණි.

SSC ක්‍රීඩා සමාජය පන්දුවාර 41යි පන්දු 5කදී සියලු දෙනා දැවි ලකුණු 152ක් රැස්කළේය.

නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50යි.

ලකුණු 153ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නුගේගොඩ ක්‍රීඩා සමාජයට පන්දුවාර 37ක් අවසානයේදී කඩුලු 7ක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංක්‍යාව 125කි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කළ අතර ලකුණු 6කින් තරගය ජයගත්තේ SSC ක්‍රීඩා සමාජයයි.