ජනපතිවරණ උණුසුමට ඉඩදී මහ මැතිවරණය වසරකින් කල් යයි.

0
මහ මැතිවරණය

ජනාධිපතිවරණය ඉදිරි වසරේ පවත්වා මහ මැතිවරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇති බව විකල්ප පුවත්පතක් වාර්තා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හා එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායකයන්ට සංවිධාන කටයුතු භාරදෙනු ඇති බවද එහි සඳහන්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර සංවිධාන කටයුතු සැලසුම් කර අවසන් කරනු ඇති බවත් ජනාධිපතිවරණයෙන් පසුව 2025 වසර මුලදී ම පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බවද වාර්තාව තවදුරටත් කියා සිටී.