ධම්මික පෙරේරා අපේක්ෂකයෙක් කරන්න හෝ තනතුරක් දෙන්න පොහොට්ටුවට අදහසක් නැහැ

0
ධම්මික පෙරේරා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා  පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව පොදුජන පෙරමුණ පවසයි.

එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බව පවසන පොදුජන පෙරමුණ ඉකුත්  සෙනසුරාදායින් පසු පක්ෂයේ  විධායක සභාව රැස්වී නැති බව පවසයි.

පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා දී නැතැයි ද පොදුජන පෙරමුණ සඳහන් කරයි.