බැසිල් ඇවිත් රාජපක්‍ෂ පරම්පරාවම නැති බංගස්ථාන කර දමන හැටි ඉන්දීය ජෝතිර්වේදියෙක් කලින්ම කියලා.

0
රාජපක්‍ෂ පරම්පරාවම

රාජපක්ෂ පවුලේ සහෝදරයෙක් විසින් මුළු රාජපක්‍ෂ පරම්පරාවම නැති බංගස්ථාන කර දමන බවට ප්‍රකට ජෝතිර්වේදියෙක් සඳහන් කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් වාස් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟින් 2001 වසරේ ඉන්දියාවට ගොස් එම ජෝතිර්වේදියා හමුවූ අවස්ථාවේ මෙම අනාවැකිය පැවසූ බවද හෙතෙම පැවසීය.

එම අනාවැකිය පවසන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නොව බැසිල් රාජපක්ෂ මහතාට බවද ඔහු පැවසීය.

අනාවැකිය අනුව 2015ට පෙර පැවැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් 2019 පිහිටවූ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවත් දෙකම නැති කරන ලද්දේ බැසිල් රාජපක්ෂ විසින් බවත් හෙතෙම පැවසීය.

රාජපක්ෂ ආණ්ඩු දෙකක් නැති කර දැමූ බැසිල් රාජපක්ෂ ඉදිරියටත් තවත් ඉතිරි දේද නැතිකර දැමීම සඳහා ඒමට උත්සාහ කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.